ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව ඉදිකළ, මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද (31දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනයෙන් විවෘත කෙරුණු මෙම ගොඩනැගිල් සංකීර්ණය මහල් පහකින් සමන්විතය.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා වැය කළ මුදල රු.මිලියන 1,400 ක් බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.