මුතුහෙට්ටිගම හිරේ යවන්න ගීතා සූදානම්
- 12 12 2014
- 15:45
- {{hitsCtrl.values.hits}} views
- . .
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (11දා) පැවැති අතර එහිදී පළාත් සභා මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය හා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අතර අපූරු වාග් හුවමාරුවක් සිදුවිය. මෙහිදී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පැවැසුවේ තමන් සමග පැටළුනොත් ඇමතිවරයා අවුරුදු 20කට හිරේ යවන බවයි.
ගීතා කුමාරසිංහ මහත්මිය - දැන් මේ රුපියල් ලක්ෂ 150න් දෙසැම්බර් 31 වැනිදාට පෙර වැඩ කරන්න වෙනවා. කොහොමද මේවා කරන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා - ඔබතුමිය නිශ්ශබ්ද වෙන්න. සල්ලිවලින් වැඩ කරන්න බැරිවුණොත් මම අවිච්ඡේද කරලා ලබන අවුරුද්දේ අරගෙන දෙන්නම්.
ගීතා කුමාරසිංහ මහත්මිය - මම නෙවෙයි ඔබතුමා කටවහගන්න. මට අපහාස වෙන විදියට වැඩ කරන්න එපා. මගේ ආසනයට ලැබුණු මුදල් සංවර්ධන කටයුතුවලට නිවැරදිව යොදවන්න ඕනේ.
මුතුහෙට්ටිගම මහතා - මා අනර්කලී එක්ක පැටලිලා එකපාරක් හිරේටත් ගිය මිනිහෙක්.
ගීතා කුමාරසිංහ මහත්මිය - ඒකට මට කමක් නැහැ. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා. මම ඔයාව හිරේ යවන්නේ අවුරුදු 20ට
රවිඳු දීයගහගේ/ ජිනේෂ් නානයක්කාර /සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

