කොළඹ නගර සභාව විසින් එක්රැස කරන කසළ මුතුරාජවෙල පාරිසරික සංරක්ෂිත කලාපයට බැහැර කිරිම තාවකාලිකව නැවැත්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05දා) නියෝග කළේය.
නියෝගය අනුව ලබන 20 වන දා තෙක් මුතුරාජවෙලට කසළ බැහැර කිරිම තහනම් වෙයි. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
මුතුරාජවෙල ප්‍රදේශයේ කසළ බැහැර කන බිම් කොටස පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබියදී එයට කසළ බැහැර කිරීම තුළින් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් පැනනැඟී ඇති බවත්, මේ හේතුවෙන් ප්‍රදේශයට කසළ බැහැර කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය නියෝගය කළේය.