මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.
එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට ද ජනාධිපතිවරයා මෙහිදී පොලිස්පතිවරයාට වෙත උපදෙස් දුන්නේය.
පරිසර විනාශයන්ට අනුග්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මුතුරාජවෙල අභය භූමිය ආශි‍්‍රතව සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා අද (22දා) අළුයම එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
පරිසර සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස මෙහි පවතින සියලු ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමට ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.
මෙම ප්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත්‍ර නිකුත්කර තිබේනම් ඒවා ද වහාම අවලංගු කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නියෝග කරන ලදී.