හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්දවත්ත නායයාමේ සිද්ධියෙන් අනතුරුව අතුරුදන් වූවන් සෙවීමේ කැණීම් කටයුතුවල නිරතවූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් විෂබීජ ශරීරගතවී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇති හෙයින් ඔවුන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන බව මධ්‍යම පළාත් භාර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මනෝ පෙරේරා මහතා පැවසීය.
ඉකුත් 29 වැනි දින මීරියබැද්ද වත්ත නායයාම සිදුවූ අතර, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 1500ක් පමණ සහ පොලිස් නිලධාරීන් නායයාමට ලක්වී අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවල ඊයේ (09දා) දක්වා නිතර වූ බවද හෙතෙම පැවසීය.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් දියතලාව යුද හමුදා රෝහලේදී වෛද්‍ය පරීක්ෂාවට ලක්කරන අතර, වැඩිදුර ප්‍රතිකාර ලබාදිය යුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුවුවහොත් ඔවුන් කොළඹ යුද හමුදා රෝහලට මාරුකර යවන බවද මේජර් ජනරාල් මනෝ පෙරේරා මහතා සඳහන් කළේය.
ඇල්ල ප්‍රසාද් රුක්මල්