කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳව එකිනෙකට වෙනස් ප්‍රකාශ දෙකක් නිකුත් කර තිබේ. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිස් මූලස්ථානය විසිනි.
අතුරුදන්වූවන් සහ මියගිය පුද්ලයන් ප්‍රමාණය 37 ක් බව පවසමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 100 ක් ලෙසිනි.