(UPDATE) 12.46 P.M. මිරියබැද්ද නාය යෑමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්හි නිරත 4 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිසකට කාන්තා මළ සිරුරක හිසක් හමුව තිබේ.
මීරියබැද්ද නාය යෑමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයමු 12වැනි දිනට අද ආරම්භ කරනු ලැබීය. මේ වන විට කුඩා දැරියකගේ සිරුරක් සොයාගෙන තිබෙන අතර තවත් කාන්තාවකගේ සිරුරක් මතුකරගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මේ දක්වා මළ සිරුරු 12ක් සොයාගත් බවත් තවත් 25 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට තිබෙන බවයි.
එස්.පී. නානායක්කාර