මියගිය පිරිස වෙනුවෙන් ස්මාරකයක්
පවුල් 57කට නව නිවාස
මීරියබැද්ද නායයෑමට ලක් වූ ප්‍ර‘දේශය රක්ෂිත භූමියක් බවට පත්කර, මියගිය පිරිස් සිහිවීම සඳහා ස්මාරකයක් ඉදිකරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
නිවාස අහිමි වූ පවුල් 57 ක් වෙනුවෙන් අංපිටිය කන්දේ නිවාස 57 ක් ඉදිකරන බවත්, එහිදී සෑම පවුලකටම නිවසට අවශ්‍ය උපකරණවලට අමතරව රුපියල් 25,000 බැගින් මුදල් ගිණුමක් තැන්පත් කර ලබාදෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
විනාශයට පත් වූ නිවාස 57 පදිංචිව සිටි බවට සැලකෙන පවුල් 29 ක් වෙනුවෙන් ඉඩම් කැබැලි ලබාදී නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
තමන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය භාරගත් දා සිට සිදුවූ ආපදාවලින් හානියට පත් නිවාස 40,000 කට අධික ප්‍රමාණයක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 13,500 ක් වියදම් කර තිබෙන බවත්, එහිදී ආපදාවට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශවී ගිය නිවාස 7680 ක් නැවත ඉදිකිරීමට සහ නිවාස 32,520 කට සිදුවූ අර්ධ හානි සකස් කර ගැනීමටත් අවශ්‍ය මුදල් ලබාදී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍ර‘දේශයේ නායයෑමෙන් දෙමාපියන් අහිමි දරුවන් තිදෙනෙකු සහ මව අහිමි දරුවන් 04 දෙනෙකු සිටින බවත්, ඔවුන්ද එම ප්‍ර‘දේශයේම ආරක්ෂිතව රඳවා අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
විදේශ රටක එම දරුවෙකුට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද රජය මැදිහත් වී කටයුතු කරන බවත්, මෙම දරුවන් අධීක්ෂණය කිරීමට ළමා රක්ෂක අධිකාරියට පවරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. මේ අතර ඊයේ(10දා) දිනයේ දී මීරියබැද්ද නාය යෑමට ලක් වූ ප්‍ර දේශයේ කැණීම් කිරීම නිල වශයෙන් නවතා දැමීමට ද ක්‍රියා කෙරිණි.