මීගමුවේ මීපුර කර්තෘ හා වෙබ් මාධ්‍ය ජාලයෙ ජාතික කැඳවුම්කරු මාධ්‍යවේදි ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව නගර සභා භුමියේදි පහරදි පාළාගිය පුද්ගලයන් දෙදෙනා අද (04දා) උදැසන මීගමුව බෝලවලාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව මීගමුව පොලීසිය පවසයි.
බෝලවලාන ප්‍රදේශයේ පදිංචි මීගමුව නගර සභාවේ සේවය කරන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 14දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු