මීදුම හේතුවෙන් බදුල්ල - මහියංගණ මාර්ගයේ ගමනාගමයට බාධා
- 29 11 2017
- 13:01
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ රිදීපාන, දුන්හිද, මැඩිතලේ ආදී ස්ථාන කීපයක අද (29දා) උදෑසන පැවැති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.
විශේෂයෙන්ම මෙම මාර්ගයේ දුන්හිද වංගුව අවට ප්‍රදේශවල පැවති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් රියැදුරෝ දැඩි අපහසුතාවකට පත් වූහ.
මේ අතර එම මාර්ගයේ පළමුවන සැතපුම් කණුව ප්‍රදේශයේ සිට 13 කණුව දක්වා වූ කොටසේ ස්ථාන කීපයකටම පස්, ගල් හා ගස් කඩාවැටීමෙන් මාර්ගය අවහිරව තිබීම නිසා මාර්ගයේ වාහන ගමනාගමනට ද බාධා එල්ල විය.
- මීගහකිවුල එන්.කේ.නිශ්ශංක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


