කොළොන්නාව කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳව සොයාබැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අපද්‍රව්‍ය පැහැර කිරීමේ හා කළමනාකරණ කිරීමේ කමිටුව ඊයේ (30දා) තීරණය කර තිබේ.
අරලියගහ මන්දරයේදී නීතිය සහ සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා කළමනාකරණය කිරීමේ කමිටුව රැස්වී ඇත. කමිටුවක් පත්කිරීමට අමතරව මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය විසඳීම සඳහා යෝජනා තුනක්ද එහිදී ඉදිරිපත් වී ඇත.
මේ අනුව කුණු කන්ද අවට පදිංචි ජනතාවට විකල්ප ස්ථාන ලබාදීමට සහ කුලී නිවාසවලට යන්නේ නම් ඒ සඳහා කුලී මුදල් ගෙවීම හා මීතොටමුල්ල ප්‍ර‘දේශයට එකතුවන කැළිකසළ පුත්තලම ප්‍ර‘දේශයේ ජන ශූන්‍ය ප්‍රදේශයකට ගෙන ගොස් දැමීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.