මීටියාගොඩ වේරගොඩ ප්‍රදේශයට මනුෂ්‍ය ඝාතනයක් සඳහා යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඉලක්කය වැරදි ප්‍රධාන පාර අසල තිබූ ගස් කිහිපයකට ගිනි අවියකින් වෙඩි තබා පලා ගිය අය සොයා පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය කියයි.
අද (05දා) දහවල් 12.00 ට පමණ යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසියට අනාවරණය විය.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ හිස් උණ්ඩ 03 ක් පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර පාතාල කල්ලි 02 ක් අතර පවතින ගැටුමක් මෙයට හේතුව වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ඇත්කඳුරේ - ජනත් ද සිල්වා