මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී අනිල් පුෂ්පානන්දට හා තවත් විත්තිකරුවෙකුට වසර 19ක හා මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දීර්ඝ නඩු විභාගයකින් අනතුරව අද (16දා) තීරණය කළේය. එසේම වැරදිකරුවන්ට රුපියල් 20000ක දඩයක් නියම කිරීමටත් සිද්ධිය සම්බන්ධයෙන් තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරිමටත් මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
උතුරු මැද පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු පැවති සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුද, රුසියාවේ හිටපු තානාපතිවරයෙකුද එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු කළමනාකාරවරයාද වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට, වෛද්‍ය මධ්‍යස්ථානයට සහ කාර්යාලයට ගිනි තබා රුපියල් ලක්ෂ පන් සියයක දේපල අනර්ථයක් සිදු කිරීම ඇතුලු චෝදනා තුනක් සම්බන්ධයෙන් මහාධිකරණ හමුවේ විත්තිකරුවන් පස් දෙනාතුට අධිචෝදනා ගොනුකොට තිබුණි.