එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ 2015 අයවැය අද (27) පරාජයට පත් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 9 කි.
ඉන් 6ක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන අතර,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගණන 03 කි.
මිහින්තලය ප්‍රාදේශීය සභාවේ 2015 වර්ෂය සදහා අය-වැය ලේඛනය සඳහා ජන්ද විමසීම හා විශේෂ මහා සභා රැස්වීම සිදුකෙරුණු අද (27) දිනයේ සන්ධානයේ උප සභාපති ඩී.එස් ලාල් සෙනවිරත්න මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සිව් දෙනෙකු සභාවට පැමිණ නොසිටි බැවින් එක් ජන්දයකින් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය විය.