පෙට්‍රෝලියම්, මිහින් ලංකා සහ ධීවර සංස්ථාව අලාභ ලබන ආයතන බවට තමන් සිදුකළ විමර්ශනවලදී තහවුරු වූ බව කෝප් කමිටු වාර්තා සභාපති ඩීව් ගුණසේකර මහතා පැවසීය.
මිහින් ලංකාහි අලාභය වැඩිවී ඇති අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය අඩුවී ඇතැයිද එහිදී ඒ මහතා ප්‍රකාශ කළේය.
කෝප් කමිටු අතුරු වාර්තා පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද (05දා) පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී ඩීව් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.