බංග්ලාදේශයේ ඩකා නුවර බලා මගීන් 159 ක් රැගෙන පියාසර කළ මිහින් ලංකා ගුවන් යානයක් ගුවන් ගත වී පැයකට ආසන්න කාලයකින් නැවතත් කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේය.
කාර්මික දෝශයක් ඇතිවීම නිසා ගුවන්යානය නැවතත් හදිසියේ කටුනායකට ගොඩබස්සවා තිබේ. මිහින් ලංකා ගුවන් සේවයේ එම්.අාර්.එල් 501 දරණ ගුවන් යානය අද (29දා) උදෑසන 9.30 ට කටුනායකින් පිටත්ව ඇති අතර නැවතත් එය පෙ.ව. 10.20ට කටුනායකට ගොඩබස්සවි තිබේ.
කිසිඳු ගුවන්මගියෙකුට හානියක් සිදු නොවීය.