ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලිය පරාජය වුවත් පාකිස්ථාන කණ්ඩායමේ නායක මිස්බා උල් හක්ගේ නායකත්වයේ වෙනසක් සිදුනොවනු ඇති බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානී ශාර්යාර් ඛාන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම මිස්බා එළඹෙන 2015 වසරේ ලෝක කුසලාන තරගාවලිය තෙක් පාකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බවත් ඔහු තහවුරු කර තිබේ.
පාකිස්තානු වාර්තා සඳහන් කර තිබුණේ මිස්බා නායකත්වයෙන් ඉවත් කර ටෙස්ට් නායකත්වයට යුනිස් ඛාන් පත්කිරීමටත්, එක්දින කණ්ඩායම් නායකත්වයට සාහිඩ් අෆ්රිඩි පත් කිරීමටත් සූදානම් බවයි.
"නරක තරග ප්‍රතිඵල කිහිපයක් ලැබුණා. ඒකෙන් අපි ඔහුව නායකත්වයෙන් ඉවත්කරන්නකතාවුණේ නෑ. ඔහු පාකිස්තානු කණ්ඩායමට හොඳින් නායකත්වය ලබාදෙනවා" යනුවෙන්ද පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා පැවසීය.
එන්.ඩී.ටී.වී. ඇසුරෙනි