කොළඹ මහා නගර සභාවේ රාත්රී කසළ එක්රැස් කිරීමේ කාර්ය මණ්ඩලය විසින් මිශ්ර කසළ ලබාගැනීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය (03දා) රාත්රී මැනිං ටවුන් නිවාස සංකීර්ණ ප්රදේශයේදී ඔවුන්ට පහරදී ඇත. මෙම ගැටුමට සම්බන්ධ සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එහිදී වතු නිවාස පදිංචිකරුවන් පිරිසක් විසින් කසළ ප්රවාහන රථයකටද අලාභහානි කර තිබුණි. බොරැල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.