රුපියල් ලක්ෂ හතලිස් පහක මුදලක් නීති විරෝධී ලෙස තම ගමන් මලු වල සඟවාගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (30) සවස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 40 වියේ පසුවන පුද්ගලයෝ වෙති. මින් එක් අයෙකු ළඟ රුපියල් ලක්ෂ තිහක්ද අනෙකා ළඟ රුපියල් ලක්ෂ පහලොවක්ද තිබූ බව රේගුව කියයි.
ගුවන් මගියෙකුට රේගුවට ප්‍රකාශ නොකර ගෙන යා හැක්කේ රුපියල් විසිදහසක මුදලක් පමණක් බැවින් මොවුන් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.