පාදුක්කේ නිවසක් කොල්ල කා රුපියල් ලක්ෂ 40ක් පමණ මුදල් හා භාණ්ඩ සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පසුගිය මැයි 31 වැනිදා නිවසට ඇතුළු වී එහි නිවැසියන්ට අවි ආයුධ පෙන්වා බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර තිබේ.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා අත්ඔරලොසුවක්ද සොයාගෙන ඇත.