ඉන්දියාවේ නිෂ්පාදිත හඳුන්කූරු බව පවසමින් ශ්‍රී ලංකාවේදී ව්‍යාජ ලෙස සකස්කළ රුපියල් ලක්ෂ 140 ක් පමණ වටිනා හඳුන්කූරු පිරවූ පෙට්ටි ලක්ෂ 10 ක් පිටකොටුවෙන් සොයාගැනීමට පාරිභෝගික අධිකාරිය අද (24දා) සමත්විය.
පිටකොටුව, පරණ යෝක් වීදියේ, අංක 82 දරන ස්ථානයේ තිබී සොයාගන්නා ලද මෙම තොගය තුළ ඉන්දීය වෙළෙඳ නාම සහ ව්‍යාජ ලිපිනද සඳහන් කර මුද්‍රණය කර තිබූ හිස් හඳුන්කූරු පෙට්ටි, පොලිතීන් කවර ආදියද පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.