රුපියල් මිලියන 122ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් නීති විරෝධී අයුරින් සිංගප්පූරුවට රැගන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
මොවුන් අද (29දා) මෙසේ ශ්රී ලංකාවෙන් පිටත්වීමට උත්සාහ දරා ඇත. ඔවුන් සන්තකයේ රටවල් 14කට අයත් විදේශීය මුදල් පැවැති බව රේගුව සඳහන් කරයි.