ශ්රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා රුපියල් මිලියන 100 ක් ඉල්ලා ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අද (24දා) දින එන්තරවාසියක්යවා තිබේ.
වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරමින් සිට විශ්රාම ගිය පසු තමාට හිමිවිය යුතු පාරිතෝෂිතය ලබානොදෙන බව සඳහන් කරමින් මෙම එන්තරවාසිය යවා ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී අජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ තමාට හිමි පාරිතෝෂිත මුදල ලබාදෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් කළත්, ගුවන් විදුලි සංස්ථාව එය මගහරිමින් සිටින බවයි.