වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතැම් ස්ථාන මිලී මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවීමටද ඉඩ තිබෙන බවත් සඳහන් කරයි.