පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැති බව ජනපති මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී පැවැසීය.
එසේම තමන් හේග් නුවර යුධාධිකරණයට ගෙන යාමට පිරිසක් කටයුතු කරන බවත් යකාට බය නම් සොහොනේ ගෙවල් නොහදන බවත් ජනපතිවරයා පැවැසීය.
එසේ වූවානම් තමන් ප්රභාකරන්ට එරෙහිව යුද්ද නොකරන බවත් හෙතෙම පැවැසීය.
ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනපති මෙම අදහස් අද (30දා) ප්රකාශ කළේය.
එසේම තමාව පරාජය කිරීම පහසු නොවෙනු ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.