මිලක් නැති මන්ත්‍රීවරුන්ට මිලක් ලැබෙන කාලයක් පැමිණ ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (12දා) පැවසීය.
කුකුළන්ට, ඌරන්ට, හරකුන්ට මිලක් නියම කළ හැකි ආකාරයෙන් මෙම මන්ත්‍රීවරුන්ටද මිල නියම වෙමින් තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව යන මන්ත්‍රීවරුන්ට ඉතිරි වනුයේ ආරක්ෂකයන් හයදෙනෙකු, ලේකම්වරුන් එක් අයෙකු සහ තමන්ගේ ඔළු ගෙඩිය පමණක් බවයි.