මිල කළ නොහැකි වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් බැංකොක් සිට මෙරටට ගෙන ඒමට තැත්කළ පුද්ගලයෙකු අද (27දා) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු අදාළ ආභරණ තොගය රැගෙන ගුවන්තොටුපළෙන් පිටවීමට සූදානම් වීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
කාන්තා පාවහන් බෑගයක රහසිගතව සඟවා තිබූ රන් ආභරණවල මැණික් හා දියමන්ති ඔබ්බවා ඇති අතර, එම නිසා මේවායේ වටිනාකම තක්සේරු කළ නොහැකි බව ගුවන්තොටුපළ රේගුව පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
ඡායාරූප - ගුවන්තොටුපොළ දීපා අදිකාරි