තමන්ට වියළි ආහාර වෙනුවට පිසූ ආහාර ලබා දෙන ලෙස ඉල්ලමින් මීරියබැද්ද අවතැන්වූ ජනතාව ආරම්භ කර තිබූ උපවාසය නිම විය.
ඊයේ සිට පිසූ ආහාර වෙනුවට වියළි ආහාර ලබාදීමට සහන කණ්ඩායම් තීරණය කිරිමත් සමග අවතැන් වූ ජනතාව උපවාසයක් ආරම්භ කළේය.
එම ස්ථානයට පැමිණි සෙන්දීල් තොණ්ඩමන් මහතා අවතැන් වූ ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන්ගේ කණ්ඩායමක් ආහාර පිසිමට එකඟ කර ගැනිමත් සමග උපවාසය අවසන් විය.
එසේම මීරියබැද්ද නාය යෑම සිදුවී අදට මාසයක් ගත වූ අතර මිය ගිය පුද්ගයන් වෙනුවෙන් ආශිර්වාද කිරීමක්ද මීරියබැද්ද නාය ගිය ස්ථානයේ සිදුකළේය.
එස්.පී. නානායක්කාර