ඉදිරි වසර හතර ඇතුළත මිරිදිය මත්ස්‍ය සම්පත දෙගුණයකින් වැඩිකරන බවත්, අභ්‍යන්තර ජලාශ සියල්ල තුළ මත්ස්‍ය වගා ඇති කිරීමට කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ධීවර අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම ඉදිරි වසර තුළ මඩකලපුව ප්‍ර‘දේශයේ හෙක්ටයාර දහසක ඉස්සන් සහ මසුන් අභිජනන මධ්‍යස්ථානයක් ඇතිකරන බවත්, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වේවි යැයි බලාපොරොත්තු වන බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙළාගැනීමට අඩි 45 ට වඩා විශාල යාත්‍රා ජාත්‍යන්තර මුහුදට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස තමා මෙරට ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත්, එමගින් වැඩි මාළු අස්වැන්නක් රටට ගෙන්වා ගැනීමට හැකි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
එමෙන්ම දිවයිනම ආවරණය වන පරිදි 2016 වසරේදී ධීවර වරායන් 06 ක් ඇති කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.