කිසියම් පුද්ගලයෙකු විසින් මාතර සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කළ මගියෙකු අද (26දා) වෙඩි තබා ඝාතනය කර ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට හම්බන්තොට, මිරිජ්ජවිල හන්දිය අසලදී අද (26දා) දහවල් 12.00ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇති අතර, වෙඩි ප්රහාරයකින් තුවාල ලැබූ මගියා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් වෙනත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.