මියයන ගර්භිණී කාන්තාවන්ගේ අගයෙන් 1/3 ක් පමණ ගෘහස්ථ හිංසනය නිසා මිය යන බව මහනුවර රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්රිය පැවසීය.
ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (25දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
“රෝග නිසා මියයන ගර්භිණී කාන්තාවන් වගේම එයින් 1/3 ක් පමණ හිංසනය නිසා මිය යනවා. මෙය ගර්භිණී කාන්තාවන්ගේ තත්ත්වය පමණයි. නමුත් ගර්භිණී නොවන කාන්තාවන් හිංසනය නිසා කොපමණ මිය යනවා ඇත්ද? සියදිවි නසාගන්නවා ඇත්ද? යන්න වාර්තා වෙන්නේ නැහැ.* යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.
ලෝක පුරා ගෘහස්ථ හිංසනය හා ලිංගික හිංසනය වැඩි වීම කෙරෙහි අන්තර්ජාලය ප්‍රධාන හේතුවක් වී ඇති බව පැවසූ වෛද්‍යවරයා, නවතම සමීක්ෂණ අනුව ලොව අසැබි වෙබ් අඩවි මිලියන 4.2 ක් පවතින බවත්, එය සමස්ත වෙබ් අඩවි ගණනින් 12෴ ක අගයක් ගන්නා බවත් සඳහන් කළේය.
ඒ නිසා අන්තර්ජාල වෙබ් අඩවි පාලනය කිරීම සිදුවිය යුතු බවත්, ඊට ප්‍රථම දරුවන් එම වෙබ් අඩවි නැරඹීමෙන් වළක්වාගත යුතු බවත්, වෛද්‍යවරයා පැවසුවේය.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය වැළැක්වීම සඳහා නිර්මාණය කළ %සමනල පාලම^ කෙටි වාර්තා චිත්‍රපටය එළිදැක්වීමද සිදු කෙරිණ.