මියන්මාර ඉතිහාසයේ දශක 5කට පසු ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් බලයට පත් ප්‍රථම ජනාධිපතිවරයා ලෙස හ්ටින් කයෝවු දිවුරුම් දුන්නේය.
ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් බලයට පැමිණි කයෝවු, එම ලීගයේ නායිකා අවුන්ග් සාන් සුකීගේ අතිශය හිතවන්තයෙකු වෙයි.
69 වැනි වියෙහි පසුවන ඔහු බලයට පැමිණීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් එම පක්ෂය ලැබූ දැවැන්ත ජයග්‍රහණය හේතු විය. එමෙන්ම, විදෙස් ජාතිකයෙකු සරණපාවා ගැනීම නිසා එරට ව්‍යවස්ථාවට අනුව සුඛී වෙත ජනාධිපති පදවිය හිමි නොවීමද, ඔහුගේ මෙම පදවි ප්‍රාප්තියට හේතු විය.
මියන්මාර ජනතාවට තමා විශ්වාසවන්තයෙකු වන බව පවසමින් එරට අගනගරය වන නෙයි පෙයි ටෝව් හි පාර්ලිමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදුවිය.
මේ අතර, නව උප ජනාධිපතිවරුන් මෙන්ම කැබිනට් අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීමද සිදුවූ අතර, ඉන් වැඩි පිරිසක ජාතික ලීගය නියෝජනය කළ මන්ත්‍රීවරු වූහ.