මීගහකිවුල කරඳගහමඩ තඹලකැටිය ගම්මානයේ නිවසකට බදුල්ල ප්‍රදේශයේ පිහිටි මල් ශාලාවකින් මිනී පෙට්ටියක් එවීම නිසා එම නිවෙස් හිමියන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
කරඳගහමඩ තඹලකැටිය එස්.එම්. සෝමපාල මහතා මෙම සිදුවීමට මුහුණපා ඇත. කෙසේවෙතත් ඔහුගේ ඥාති පුතෙකු ඇතුළු ගමේ තරුණ පිරිසක් නිසා මිනී පෙට්ටිය නිවස තුළට රැගෙන ඒම ව්‍යර්ථ වී තිබේ.
ඒ පිළිබඳ විස්තර කළ සෝමපාල මහතා,
"මිනී පෙට්ටියක් පටවාගත් මල් ශාලාවක වෑන් රථයක් නිවෙසට හැරෙන හන්දියට ඇවිත් මගේ නිවස හොයන බවට මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඇමතුම දුන්නෙ මගේ ඥාති පුතෙක්.මිනී පෙට්ටිය අරගෙන ආව අයත් මට කතා කර පෙට්ටිය රැගෙන ඇවිත් ඇති බවත්, නිවසට එන පාර කියන ලෙසත් මට කීවා. මේ දේ වුණේ කොහොමද කියන්න දන්නෙ නැහැ. මල් ශාලාවෙ අය කියන්නෙ ඒ අයට මෙම ලිපිනයට පෙට්ටියක් ගේන ලෙස කවුරුහරි දැන්වුවා කියලයි." යැයි කීය.
පසුගිය සිකුරාදා (24දා) මෙම සිදුවීම සිදුව තිබේ.
නිශ්ශංක මීගහකිවුල