ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පුදුචෙරි පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරීන් කළ මෙහෙයුමකින් ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට සරණාගතයන් ඔස්ට්‍රේලියාවට පිටත් කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. මෙම සරණාගතයින් පසුගිය ජූනි මාසයේදී ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව තිබේ. ඔවුන් සති ගණනක් මුහුදේ තබා ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාවට ඇතුළත් කිරීමට එරට රජය කටයුතු කළේය.
පොලිස් වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රාජා සංජීව් හා ඒ මජිනි නම්වූ පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. ඔස්ට්‍රේලියානු ආගමන හා විගමන නිලධාරීන් ලබාදුන් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.