මින්නේරිය ජාතික උද්‍යානයේ වාසය කළ 'දළ පූට්ටුවා' නම් ඇතා අතුරුදන් වී ඇතැයි මින්නේරිය වනජීවී උද්‍යාන පාලක නිලධාරියා 'අද'ට පැවසීය.
පසුගියදා මින්නේරිය ජාතික උද්‍යානයේ වාසය කළ ඇතාට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබූ අතර, ඒ නිසා ඇති වූ තුවාලවලට ගිරිතලේ වනජීවී පශු අංශයේ නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබාදී තිබිණි.
මෙම ඇතා අඩි 12 ක් පමණ උසින් යුත් අතර, එම සත්ත්වයාට අඩි 4 ½ ක දිගින් යුත් දළ යුගලයක් හිමිය. ශ්‍රී ලංකාවේ දළ පූට්ටු වූ එකම ඇතා වන්නේද මේ අතුරුන් වූ ඇතා බවට වාර්තාවන බවත් වනජීවී නිලධාරීහු පවසති.