මතභේදයට ලක්ව ඇති මිග් යානා ගනුදෙනුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට තිබේ.
එම ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිවක් රහසිගතව සිදුව නැති බවත්, ගෙවූ මුදලට මිග් යානා ලබුණු බවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඊයේ (03දා) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ හරහා සිය කීර්ති නාමය හානි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය