ස්ථිර සේවයට අන්තර්ග්රහණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමන් මෑන්පවර් සේවකයන් පිරිසක් ඉදිරි දිනවලදීද විරෝධතාවන් සඳහා එක් වන බව ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ටෙලිකොම් සමාගම, වරාය අධිකාරිය, ගුවන් තොටුපොළ සේවය ඇතුළු රාජ්ය අංශයට අනුබද්ධ ආයතන කිහිපයක මෑන්පවර් සේවකයෝ පවසති.
රජය මේ සම්බන්ධයෙන් සෘජු මැදිහත් වීමක් සිදු නොකළහොත් දිගටම විරෝධතා පැවැත්වීමටද විරෝධතාකරුවන් තීරණය කර ඇත.
එමෙන්ම මේ සේවකයන්ගේ වැටුපෙන් මිනිස්බල සමාගම් වෙත යන මුදල් ප්රමාණය සේවකයන් වෙත ඉතිරි කර දෙන ලෙසද ඔවුන් ගේ ඉල්ලා සිටී.