මැලේසියාවේ පැවැත්වෙන 16 වන ආසියානු ආරක්ෂක සේවා ප්‍රදර්ශනය සහ සමුළුව- 2018 සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ක්වාලාලාම්පුර් නුවර පිහිටි මැලේසියානු ජාත්‍යන්තර වෙළෙඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (Malaysia's International Trade and Exhibition Centre) පැවති සමුළුවේ අවසන් සැසියේදී මැලේසියානු යුද හමුදා ප්‍රධානී ජෙනරාල් ඩාටෝ ශ්‍රී සුල්කිපල් බින්හජ්කසීම් (General Dato’ Sri Zulkiple bin HjKassim) හමුවිය.
යුද හමුදාවේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන අංගයක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ සඳහා සහභාගී වන ලෙසද එහිදී යුද හමුදාධිපතිතුමා මැලේසියානු හමුදා ප්‍රධානී වෙත ආරාධනා කරනු ලැබීය. තවද මැලේසියානු යුද හමුදා ප්‍රධානී විසින් ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රස්තවාදය තුරන් කිරීමට දැක් වූ කාර්යභාරය මහත් සේ පැසසුමට ලක් කළ අතර, එමගිඟින් මැලේසියානු යුද හමුදාවටද එම අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව පැවසූහ.
තවද මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රධානී මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කමද පෙන්වා දුන්හ. තවද එහිදී ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘දියකාවා’ වැනි යුද අභ්‍යාසය සඳහා ඉදිරියේදී භට පිරිස් සහභාගී කරවන ලෙසද මැලේසියානු හමුදා ප්‍රධානී වෙත ඉල්ලීමක් කළහ. එමෙන්ම දෙරටේ යුද හමුදාවන්ට අනාගතයේදී වැදගත් වන අනෙකුත් පුහුණු වැඩසටහන් පිළිබඳවද එම සුහද හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම හමුව අවසානයේ දෙපිරිස අතර හොඳ හිත සහ සුහදත්වය වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.