මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති අතර ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැප්තැම්බර් මස 05දා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතය.
ඒ සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින තුළ කොළඹ පැවැත්වෙන සම්මන්ත්‍රණයකදීය.
වසර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදු කළ පර්යේෂණවලින් අනතුරුව මෙම සහතිකය ලබාදීමට තීරණය කර ඇත.