ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මැලේරියා රෝගය තුරන් කළ රටක් බව ප්‍රකාශයට පත්කොට සතියක් ගතවීමට මත්තෙන් තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයෙන් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හමුවී තිබේ.
ඉන්දියාවේ වන්දනාවේ ගොස් ආපසු මෙරටට පැමිණි රෝගීන් දෙදෙනෙකුට මැලේරියා රෝගය වැලඳී තිබේ. ඉන්දියාවේදී මෙම රෝගීන් දෙදෙනාට මැලේරියා උණ වැලඳී ඇති අතර එම රෝගීන්ගේ රුධිර සාම්පාල් පරීක්ෂා කිරීමේදී මෙම රෝගීන් දෙදෙනාට මැලේරියා උණ රෝගය වැලඳී ඇති බව තහවුරු වී ඇත.
60 දෙනෙකු පමණ පිරිසක් දඹදිව වන්දනාවේ ගොස් ඇති අතර එම ගමනට එක්ව සිටි දෙදෙනෙකුට මෙම රෝගය වැලඳී ඇත. රෝගය වැලඳී ඇත්තේ කාන්තාවකට ට හා පිරිමි අයෙකුට බව පැවසේ.
බද්දේගමසරත් ආනන්ද