ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගිවීම සදහා මහනුවර ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයා එයට පෙරාතුව දළදා මාළිගාවේ ආගමික වතාවත් සඳහා එක්ව තිබේ.
අද (01) පෙරවරුවේදී ජනපතිවරයා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගත් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
දළදා මාළිගාවේ තේවාව භාර කුඹුක්කදන්වල පුණ්‍යරතන හිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ අවස්ථාවට එක්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.