මැයි දින ආරක්ෂාවට 8265ක විශේෂ බලකායක්
මෙවර පැවැත්වෙන මැයි දිනය වෙනුවෙන් කොළඹ හා මහනුවර කේන්ද්‍ර කොටගෙන පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ ආරක්ෂක සැලැස්මක් නිලධාරීන් 8265 යොදාගනිමින් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිත අතර මහනුවර නගරයේ ආරක්ෂක සැළැස්ම මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ.
මෙවර මැයි දිනය තුල කොළඹ නගරයේ ප්‍රධාන මැයි රැළි සහ පෙළපාලි 15ක් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන රැළිය හා පෙළපාලිය මහනුවර නගරය කේන්ද්‍රකරගෙන සිදු කරනු ලබයි.
මේ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථවාහන කළමනාකරණයට පොලිස් නිලධාරීන් 4765කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර මහනුවර නගරයේ ආරක්ෂාව සහ රථවාහන කළමනාකරණයට පොලිස් නිලධාරීන් 3500කට අධික සංඛ්‍යාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ යුධ හමුදා නිලධාරීන් කණ්ඩායමක්ද ඊට අමතරව බුද්ධි නිලධාරී කණ්ඩායමක්ද යොදවා ඇත. ඒ සමඟම කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක වන සීසීටීවි කැමරාවන්ට අමතරව ආරක්ෂාව අතින් වැදගත් ස්ථාන ආවරණය සඳහා අතිරේක කැමරා යොදවා ඇති අතර කැමර සහිත විශේෂ රථ කිහිපයක්ද යොදවන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

