ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත අප්‍රේල් මාසයේ වාර්තා කළ 0.1% සිට මැයි මාසයේදී 0.2% දක්වා ආන්තික වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 අප්‍රේල් මාසයේ පැවති 2.1% හි සිට 2015 මැයි මාසයේදී 1.9% දක්වා පහළ ගොස් තිබේ.