හෙට දිනයේම මෙගා පොලිස් සැලැස්මේ වැඩ අරඹමින් මැනිං වෙළඳපොළ පෑලියගොඩට ගෙනයාමේ වැඩ ආරම්භ කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. නිදහස් චතුරස්රයේදී අද බස්නාහිර මහ නගර සැලැස්ම එළිදැක්වීමේ උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“හෙට දිනයේදීම මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට ගෙනයාම අරමුණයි. කොළඹ නගරාධිපති සමග එක්ව එය සිදුකරනවා. බස්නාහිර මහා නගර සැලැස්ම කොටස් තුනකින් යුක්තයි. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් අතීත මතවාදවලින් මිදී ගමන් කරමින් තිබෙනවා. රටට නව දේශප්‍රේමීත්වයක් අවශ්‍යයි. බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය නියම දේශප්‍රේමී ව්‍යාපෘතියක්. කොළඹ නගරය තවුතිසාවක් කිරීම නොව එය මිනිසුන් ජීවත්වන පුරයක් බවට පත්කිරීම අපේ අරමුණයි. සැමට සුවසෙත ලබාදෙන මතු පරපුරේ කේතුමතිය බවට මෙම පුරය පත්කරනවා යැයිද පවසා” සිටියේය.