මැද පෙරදිගදී ඇතිවන ගෘහ සේවිකා ගැටලු සඳහා සෑම තානාපති කාර්යාලයකටම අදාළ රටවලින් නීතිඥයන් පත්කර ගැනීමේදී අවම වශයෙන් මසකට රුපියල් ලක්ෂ 120 ක් පමණ එක් නීතිඥ‘යෙකු සඳහා වැයවනු ඇති බවත්, එසේ වැයකර හෝ ගෘහ සේවිකාවන් වෙනුවෙන් නීතිඥයන්ට පෙනී සිටිය හැකි ක්‍රම‘වේදයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම තම අපේක්ෂාව බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
'අද' කළ විමසීමකදී අමාත්‍යවරිය සඳහන් කර සිටියේ සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ කාන්තාව සම්බන්ධයෙන් වූ අභියාචනය එළඹෙන ජනවාරියට ප්‍රථම විභාගයට ගැනෙනු ඇති බවයි.
ඒ සඳහා අදාළ නීතිඥ ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 04කට ආසන්න මුදලක් මේ වනවිටත් ගෙවා අවසන්ව ඇති බවද අතුකෝරාළ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.