හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි, අමාත්‍ය තළතා අතුකෝරාල මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවෙන් වන තුෂාර දේවාලේගම නැමැත්තා ඊයේ (29දා) රාත්රියේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කර තිබෙන බව කැෆේ සංවිධානය කියයි. රත්නපුර දෑල නොරගල්ලේවත්ත, දෙයියන්නේ දෑල ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව තිබේ.
තලතා අතුකෝරාල මහත්මියගේ මැතිවරණ ප්රචාරක කටයතු මෙහෙයවීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මඟ හරස් කර ඇති පිරිසක් සිදුකළ පහරදීමකින් තුෂාර දේවාලේගම මහතා මිය ගොස් ඇත.
මෙය පසුගිය ජනාධිපතිවරණ සමයේ රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ ප්රචණ්ඩක්රියාවන්හි ම අවස්ථාවක් ද යන්න සැක සහිත බව එම සංවිධානය කියයි. 37 හැවිරිදි තුෂාර නැමැත්තා තිදරු පියෙකි. ඔහුගේ දේහය මේ වන විට රත්නපුර රෝහලේ තැම්පත් කොට ඇත
පාර්ලිමේන්තුව විසිරුවා හැර පැය කිහිපයකින් පසුව අනුරාධපුර නගරයේ සවිකොට තිබූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ දැවැන්ත කටවුට් කිහිපයකට සංවිධානාත්මක පිරිසක් හානි කොට ඇත. එසේම කුරුණෑගල නගරයේ සවි කොට තිබු එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුරුණෑගල ආසන සංවිධායක අශෝක අබේසිංහ මහතා ගේ සහ රනිල් වික්‍රමසිංහ මහතා ගේ රුව සහිත කටවුට් කිහිපයක් ද කපා දමා තිබේ.