මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන සංශෝධන කෙටුම්පත මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු වනබවද එම සංශෝධන කෙටුම්පතේ ඉදිරි කටයුතු ඊළඟ පාර්ලිමේන්තුවේදී තවදුරටත් කරගෙන යෑමට ජනාධිපතිවරයා අදහස්කර ඇති බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම දින සියය තුළ ආණ්ඩුව විසින් සිදු කිරීමට තිබු සියල්ල අවසන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ප්‍රායෝගිකව ප්‍රතිඵලයක් නොමැති බවත්, ආණ්ඩුවේ ස්ථාවරය බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.