පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දසදෙනෙකු සිරගත කිරීමේ සූදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (27දා) සඳහන් කර සිටියේය.
කෑගල්ල තැපැල් ශ්රවණාගාරයේදී ඊයේ පැවැති මහජන සම්මන්ත්රණය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරවංශ මහතා,
“ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හා දූෂණ චෝදනා එල්ල කළ ටොප් 10 අතර සිටින තලතා දේවියටයි දැන් අධිකරණ ඇමති ධුරය ලැබී ඇත්තේ. ඒ නිසා අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඇයට විරුද්ධව නඩු පැවරීමක් සිදු නොවේවි. ඊට නීතිපති උපදෙස් නොලැබේවි.
ඇය එම ඇමති ධුරයට පත්කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු යටපත් කිරීමටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ට චෝදනා ගන්වා ඉදිරිපත් කර නීතිපති දෙපාර්තමේන්තුව ලවා ඔවුන්ට නඩු පැවරීමටයි.
මේ ආකාරයට පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් 10 දෙනෙකු සිරගත කිරීමට නව අධිකරණ ඇමතිවරිය බාරගෙන තිබෙන බව අපට දැනගැනීමට ලැබී තිබෙනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.