සීමා නිර්ණය ගැටලු අගෝස්තු 31 වැනිදා වනවිට විසඳාගැනීමට හැකිනම් මැතිවරණය පැවැත්වීම ලබන වසර දක්වා කල්දැමීමට කිසිදු හේතුවක් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදය සඳහන් කරයි.
පළාත් පාලන ආයතන මැතිවරණය කල්දැමීමට හේතුව ලෙස පළාත් පාලන ආයතන සීමා නිර්ණ ගැටලු පෙන්වා දුන් බවත්, එම ගැටලු අගෝස්තු 31 වැනිදා වනවිට අවසන් වන බවට අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සඳහන් කරන බවද එම සංගමයේ කැඳවුම්කරු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදේනි අතුකෝරල මහතා සඳහන් කළේය.
සීමා නිර්ණ ගැටලු අගෝස්තු 31 වැනිදා වනවිට අවසන් වුවත් මැතිවරණය පවත්වන්නේ ලබන වසරේදී බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන බවත් එම ප්‍රකාශය තුළම වර්තමාන ආණ්ඩුව මැතිවරණවලට ඇති බිය කෙතරම්ද යන්න පැහැදිලි බවද අතුකෝරල මහතා පවසා සිටියේය.