පොලිස් ස්ථාන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් ඒකක පිහිටුවීමට පොලීසිය තීරනය කළබවත් මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා කාලයේ දී ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඒ,ඒ, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවරා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. නාමයෝජනා දිනය ආරම්භ වීමේ සිට මැතිවරණය අවසන් වී සතියක් ගතවන තුරු පෙරහැර සහ වාහන පෙළපාලි තහනම් වන බවදස හෙතෙම පැවසුයේ අද(03) පැවති මාධ්‍ය හමුවකදීය.